Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2022 09:00:40 Hours

ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්වීම

දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනු‍වෙන් ලංකා බැංකුවේ 83 වන සංවත්සරයට සමඟාමීව ලංකා බැංකුව මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය වෙතින් ලේ දන් දීමේ වැඩසටහනක් 2022.08.01 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර ලංකා බැංකුව සීබෑන්ක් පරිශ්‍රයේදී පැවත්වන ලදි.

එම වැඩසටහන සඳහා 11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදේස් පරිදී 11 පාබල සේනාංක මුලස්ථානයේ හා ඒ යටතේ පාලන වන 111 පාබල බසේමු /ඒකකයන් / පුහුණු පාසල් වෙතින් 1 x 82 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්ක්‍රියා ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.