Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st October 2019 17:57:27 Hours

ලේ දන්දිමේ කඳවුරක් සඳහා යුද්ධ හමුදා සහය ලබාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයෙහි ඇති දියතලාව මහ විද්‍යාලයේ සියළුම ගුරුභවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා සහයවීම අරමුණු කර ගනිමින් දියතලාව මහ රෝහලේ ලේ බැංකුවේ පුර්ණ අධික්‍ෂණය හා සහය ඇතිව ලේ දන්දීමේ කඳවුරක් 2019 ඔක්තෝබර් මස 01 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා එම පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදී.

ඒ සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් 31 දෙනෙක් ඒ සඳහා සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්ක්‍රියාව ඇගයිමට ලක් කරමින් ගුරුභවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හදපිරි ස්තුතිය පිරිනමන ලදි.