Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th December 2018 21:18:59 Hours

ලේ දන්දිමේ කඳවුර පැවැත්වීම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ බණ්ඩාරවෙල ශාඛාව මගින් 14 වෙනි වරටත් පවත්වනු ලබන ලේ දන්දිමේ කදවුරක් 2018.12.15 වන දින බණ්ඩාරවෙල දිසා රෝහලේදි පවත්වන ලදි. එම ලේ දන්දිමේ කදවුර සඳහා මෙම මුලය හා යටතේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබා දෙන ලදි.

තවද, එම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්ක්‍රියාව ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.