Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th July 2018 16:02:11 Hours

ලේ දන්දිමේ කදවුර සදහා සහායෝගය ලබාදිම

ඌව පලාත් විධායක නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් බණඩාරවෙල ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථානයේදි 2018.07.17 වන දින දවස පවත්වන ලද අතර, එම සංවිධානය විසින් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව මෙම මුලස්ථානයේ හා යටතේ රාජකාරි නියුතු 02 x 50 භඨ පිරිසක් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.

තවද, එම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මෙවැනි සත්ක්‍රියාව ඇගයිමට ලක් කරමින් එහි පැමිණි ඌව පලාත් විධායක නිලධාරින්ගේ සංගමය විසින් ස්තුතිය පිරිනමන ලදි.