10th September 2018 09:44:17 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක මුල බළප්‍රදේශයේ මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව උද්යාණයේදී ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව (මියගිය) ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ 26 වන ගුණ සමරු උත්සවය 2018.09.08 වන දින 1030 පැයට මහනුවර නගරාධිපති කේසර ඩී සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
එම සමරු උත්සවය සාර්ථක කර ගැනීම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී යුඑස්පී එන්ඩීයු යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගිවී ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය ඉදිරියේ පුෂ්පෝපහාර දක්වන ලදි.
තවද, මෙම පුෂ්පෝපහාර උත්සවය සදහා 11 වන සේනාංකයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරින් හා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 01x34 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලද අතර, තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හි සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිමාවට පත් කරන ලදි.