Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th June 2019 08:34:01 Hours

රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය - මාතලේ දිස්ත්‍රික්කය

රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය යන මාතෘකාව යටතේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන 2019.06.01 වන දින මෙම ආසේමූ (මධ්‍යම) යටතේ ඇති 11 වන සේනාංක මූලස්ථානය බළප්‍රදේශයට අයත් මාතලේ ශ්‍රි සංඝමිත්තා බාලිකා ජාතික පාසල් භූමියේදී පැවැත්වූ අතර, එහිදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානය පිළිබිඹු වන අයුරින් ආධුනිකයින් බඳවා ගැනීමේ කාර්‍යයාලයක් රෙම යාපාරෙ වෙතින් ස්ථාපනය කරන ලදී.

එම වැඩසටහන සඳහා 11 වන සේනාංකයේ, රෙම යාපාරෙ, පිරිස් පාලන අධයක්ෂක මණ්ඩලය, වැටුප් ලේඛණ අධයක්ෂක මණ්ඩලය හා ආධුනිකයින් බඳවා ගැනීමේ අධයක්ෂක මණ්ඩලය යන මූලයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීනියන් සහ සෙසු නිළයින් රැසක් සහභාගී වන ලදී.