Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2019 17:04:49 Hours

රජයේ පාසල් සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරිම පිළිබඳව දැනුවත් කිරිමේ දේශණයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පුර්ණ අධික්ෂණය යටතේ ආරක්ෂක සේනා මධ්‍යම යටතේ පාලණය වන පුපා, ඒකකයන්හි රාජකාරි කරණු ලබන නිලධාරි/සෙසුනියින් උදෙසා 2020 සහ 2021 වර්ශයන් තුළදි රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිමට පෙර දැනුවත් කිරිමේ දේශණයක් යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2019.01.08 වන දින පවත්වන ලදි.

එමෙන්ම දේශණ කටයුතු සදහා පැමිණි සුසාමා අධ්‍යක්ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි (පාලන) 2 මේජර් ඒඑච්එම්ටි ගුණරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හරවත් අයුරින් දේශණය සිදුකල අතර, පැමිණ සිටි 07X105 නිලධාරි/සෙසුනිලයින් හට සියළුම කරුණු මනා අයුරින් පැහැදිලි කර දෙන ලදි.