Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2018 20:59:41 Hours

යුධ හමුදා සාමාජිකයින් හදිසි ගින්නක් මැඩපවත්වයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.19 වන දින හටගත් අතර,එම ගිනි ගැනීම් තත්වය මැඩපැත්වීම සදහා යුද්ධ හමුදා භඨ පිරිස් සයෝගය ලබාදෙන ලදි.

එම ගිනිගැනීමි මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ ඇති වූ අතර, එය සැලවීමක් සමගම ක්ෂණිකව ක්‍රියාත්මකවූ 9 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව 5 වන ගැමුණු හේවා බලඇණියේ රාජකාරි නියතු 04 x 80 ක භඨපිරිසක් එම ස්ථානයන් වෙත කඩිනමින් රපෝර්තු කරවා ගිනිගැනීම් තත්වය සම්පූර්ණයෙන්ම මැඩපැත්වීමට කටයුතු කරන ලදී.