Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2018 22:15:09 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විහාරස්ථාන වෙත සහයෝගය ලබාදෙයි

අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයෙහි රාජකාරි නියුතු 1 ශ්‍රිලංරබ එකකය විසින් ශ්‍රමදාන කටයුත්තක් සදහා 2018.02.16 හා 2018.02.20 යන දිනයන්හීදි යුද්ධ හමුදා භඨපිරිස් සහයෝගය ලබාදෙන ලදි.

එ් අනුව 1 ශ්‍රිලංරබ එකකය වෙතින් මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලේකැලේ බුදුමග සෙනසුන විහාරස්ථානය හා මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උකුවෙල ශ්‍රි ගුණසේකරාරාම විහාරස්ථානය යන විහාරස්ථානයන් හි අලුත්වැඩියා කටයුතු හා පිරිසිදු කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. මේ සදහා 1 ශ්‍රිලංරබ එකකය වෙතින් 00 x 12 භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදී.