16th August 2019 11:53:50 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලනය වන 11 වන සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි මහනුවර ගරු දිසා අධිකරණයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2019.08.15 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර දිසා අධිකරණ පරිශ්‍රයේදි පවත්වන ලදි.
එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂනය යටතේ 00 x 23 ක භඨපිරිස් ප්‍රමාණයකගේ පුර්ණ දායකත්වය ලබාදෙන ලද අතර, මිලින වන්නට ගිය වටිනා ජිව්ත හට නැවත ප්‍රාණය ලබාදීමට සහභාගි වු භඨපිරිස් හට මෙන්ම සමස්ථ යුධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් සංවිධායක මණ්ඩය විසින් හදපිරි කෘතඥතාවය ප්‍රකාශ කරණ ලදි.