Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd October 2020 21:01:14 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් වන අලින් හානියට පත්කල නිවසක් වෙනුවට නව නිවසක් ඉදිකිරී‍මේ වැඩ ඇරඹීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන බදුල්ල, හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයෙන් 2020.09.25 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් වන අලින් ගම් වැදීම හේතුවෙන් හානියට පත් නිවසක් නිරීක්‍ෂණය කල අතර එම නිවස වෙනුවට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් කඩිනමින් ඉදිකර දීමට උපදෙස් ලබාදෙන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි නව නිවස ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලදි.