Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th September 2019 21:43:05 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් යුතුව ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කළගුනික තත්වය හේතුවෙන් යුද්ධ හමුදාධිපති තුමාන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ අධීක්‍ෂනය මත ඩෙංගු මර්ධන වැඩසටහනක් 2019 සැප්තැම්බර් මස 25 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා පවත්වන ලදී.

ඒ අනුව දියතලාව මහා රෝහල හා දියතලාව ආයුර්වේද රෝහල මෙන්ම දියතලාව යුද්ධ හමුදා රෝහල ආවාර්ණය වන පරිදි මෙම මුලය හා යටතේ පාළණය වන පුහුණු පාසල් හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරින්/සෙසුනිළයින් 02 x 60 කින් යුත් භඨපිරිසකගේ සහභාගිත්වයෙන් එම රෝහල් පරිශ්‍රය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන අතර, පවතින වැසි සහිත කළගුණ තත්වය හේතුවෙන් ඩෙංගු මදුරු වසංගතයෙන් ජිවීත ගණනාවක් බේරාගැනීමේ අරමුණින් යුතුව මෙම ජාතික මෙහෙවර සඳහා සහභාගිවු භඨපිරිස් හට මෙන්ම ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සමස්ථ යුද්ධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් රෝහල් කාර්‍යය මණ්ඩලය විසින් හදපිරි ස්තුතිය පුද කරන ලදි.