Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th January 2022 15:35:34 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසක් ප්‍රතිසංස්කරණය කරන ලදි

ශ්‍රිලංකා යුද්ධ හමුවේ 72 වන සංවස්තර දිනයට සමගාමිව යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වෙලම්බොඩ, ඹබරදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 2010.11.15 වන දින තිරුමුරුක්කණ්ඩි 11 ඉසේරෙ යුද්ධ හමුදා කඳවුරේදි යුද්ධ හමුදා බවුසර් රථයකට යටවි මියගිය සෙ/101417 ඉසෙ නවරත්න සිබිආර්එස්එස්බී යන සෙනිගේ පවුල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ ධානපති මාහතෙකු ‍විසින් මූල්‍යමය දායකත්වය ලබා දී යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නිවස නිවෙස් හිමියන් වෙත මේජර් ජෙනරල් පී එස් කේ සංජීව ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරැතින් භාරදෙන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා 11 පාබල සේනිංකයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.