Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd February 2021 20:18:19 Hours

යුද්ධ හමුදා යහසාධක අරමුදල වෙතින් සිදුකරනු ලබන ප්‍රධාන කාර්යයන් සහ ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා යභසාධක අරමුදලට අදාලව යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින්සිදුකරනු ලබන කාර්යයන්, ලබාගත හැකි සේවාවන් සහ ප්‍රතිලාභ හිමිවන ආකරය පිලිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2021.02.22 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සෙසුනිල භෝජනාගාර ශාලාවේදී පවත්වන ලදි.

ඒ සඳහා දේශක වශයෙන් යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ආර්පීඑස් පද්මශාන්ත යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි වු අතර, එමගින් යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් සිදුකරනු ලබන කාර්යයන්, ලබාගත හැකි සේවාවන් සහ ප්‍රතිලාභ හිමිවන ආකාරය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය සඳහා මෙම මුලය යටතේ පාලනය වන පුහුණු පාසල් සහ ඒකකයන්හී රාජකාරි නියතු අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වුහ.