Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th June 2021 09:24:31 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන තුමන් පල්ලේකැලේ නවතමයෙන් ඉදිකරනු ලබන යුද්ධ හමුදා රෝහල වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටා ඇති පල්ලේකැලේ නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා රෝහල සහ හොකී ක්‍රිඩාංගනය වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව් ජී එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.06.07 වන දින නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම බලසේනාධිපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරිනින් කීහිපදෙනෙකු සහභාගි වන ලදී.