Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th September 2023 09:31:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මොණරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ දිග්ගල් අරඹ කන්ද ප්‍රදේශයේ 2023.09.29 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිපස්දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.