Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th July 2018 10:49:14 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථාන බල ප්‍රදේශයේ කුඹුක්කන මකුලර කන්ද 2018.07.14 වන දින හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම මොණරාගල දිස්ත්‍රික්කයට අයත් කුඹුක්කන මකුලර කන්ද ප්‍රදේශයේ ඇති වූ අතර, 9 ශ්‍රිලංසිරෙ ඒකකයේ අණදෙන නිලධාරි දැනුවත් කිරිමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මකවූ ඒකකයේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.