Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th October 2020 14:13:13 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල වංගෙඩිගල කඳුකර ප්‍රදේශයේ 2020.10.12 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.