Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th June 2018 09:30:19 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයේහි හදිසි ගිනිගැනීමක් 2018.06.23 වන දින 1900 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යේ්ෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ හල්පේ ප්‍රදේශයේ ඇති වූ අතර, තත් ගිනිගැනීම සැබැදිව තොරතුරු මෙම මුලය වෙත ලද සැනින් ක්‍රියාත්මක වූ මෙම මුලයේ හදිසි ආපදා කටයුතු සඳහා සුදානම් කර තබා ඇති 01 x 15 ක භඨපිරිසක් ගිනිගැනිම හටගත් ප්‍රදේශය වෙත රපෝර්තු කර ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.