24th August 2019 11:47:25 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රිකයේ කුඹල්වෙල ඇල්ල රොක් ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2019.08.23 වන උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම සම්පූර්නයෙන්ම මැඩපවත්වන ලදි.
ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රිකයේ ඇල්ල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුළය සෙනින් සහ 112 බළසෙනාවේ රාජකාරි නියුතු 01 x 26ක භඨපිරිස් ප්‍රමාණයක් මෙන්ම වන අඩවි කාර්යලය නිලධාරින් එම ස්ථානයන් වෙත ගොස් ගිනිගැනීම දැඩි පරිශ්‍රමයක් යොදවා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී