Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st May 2019 10:06:49 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන වෙතින් පාලනය වන 11 සේමු බළප්‍රදේශයට අයත් හුන්නස්ගිරිය අඩවිවන කාර්‍යයාලය ඉදිරිපිට නකල්ස් කදුවැටිය ප්‍රදේශයේ 2019.05.28 වන 1100 පැයට පමණ ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 11 සේමු සේනාංකාධිපතිගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම කටයුතු කරන ලදි.

ඒ අනුව එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ 1 රයිෆල් බලකායේ රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානයන් වෙත ගොස් ගිනිගැනීම දැඩි පරිශ්‍රමයක් යොදවා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.