Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2018 07:52:48 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.21 වන දින උදැසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ දෝව ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුලයේ රාජකාරි නියුතු 01 x 15 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.