Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th March 2019 15:56:16 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බලප්‍රදේශයට අයත් කළුඅඹතැන්න ප්‍රදේශයේ හදිසි ගිණිගැනිමක් 2019.03.24 වන දින උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම කටයුතු කරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිස් ප්‍රමානයක් එම ස්ථානයන් වෙත ගොස් ගිනිගැනීම දැඩි පරිශ්‍රමයක් යොදවා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.