Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th March 2019 20:52:32 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2019.03.12 වන උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුළයේ රාජකාරි නියුතු 01 x 12 ක භඨපිරිස් ප්‍රමාණයක් සහ වන අඩවි කාර්යාලයේ නිලධාරින් 09 දෙනෙකු එම ස්ථානයන් වෙත ගොස් ගිනිගැනීම දැඩි පරිශ්‍රමයක් යොදවා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.