Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2019 16:50:52 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලණය වන 121 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ බදුල්ල ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් වව්ල්පතන කන්දේහි හදිසි ගිනිගැනීමක් 2019.01.07 වන දින 1130 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත බළසේනාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ එම ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ 9 ශ්‍රිලංසිරෙ රාජකාරි නියුතු 01 x 30 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීම සදහා කටයුතු කරන ලදී.