Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th June 2018 16:28:46 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 වන බළසේනා මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.15 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම මොණරාගල දිස්ත්‍රික්කයට අයත් හොරොම්බුව, මුප්පනේ ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වු 121 බළසේනා මුළස්ථානයේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.