Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2018 11:40:33 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.06.12 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

මෙම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ දිවිතොටවෙල ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුල රාජකාරි නියුතු 01 x 15 ක භඨපිරිසක් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.