Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2018 16:39:38 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමකට මැදිවු පිරිසක් බේරාගැනිම

අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.07.13 වන සවස ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ වංගෙඩිකන්ද ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුලයේ රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර එම ගිනිගැනිමට මැදිව සිටි කදු තරණය කරන්නන් පිරිසක් මුදවාගෙන ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.