Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th July 2020 15:30:49 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගය අවහිර වෙමින් වැටී තිබූ විශාල ගසක් ඉවත් කිරීම

අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදි 2020.07.09 වන දින ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව කිලෝමීටරයක් පමණ දුරට මාර්ගය දෙපස වාහන තදබඳයක් ඇතිව තිබුණි.

ඒ අනුව එම සිදුවීම සැලවීමත් සමඟ අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන ආඥාපති තුමාගේ හා 11 සේමු සේනාංකාධිපති, 112 බසේමු බලසේනාධිපති තුමාගේ උපදෙස් මත 3වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකක අණදෙන නිළධාරී තුමන් ප්‍රමුඛ ආපදා ඛණ්ඩයේ 02 x 15 භට පිරිසක් ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර විනාඩි 25ක කාලයක් තුළ අදාල මාර්ගයට වැටී තිබූ විශාල ගස මාර්ග සංවර්ධන අධිකාරිය හා වතු සේවකයින්ගේ සහය ඇතිව ගස ඉවත් කර මහජනතාව සඳහා ගමනාගමනයට අවස්ථාව සලසා දෙන ලදි.