Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th May 2019 15:25:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් ආපදාවට ලක්වු ජනතාවට සහන සැලසීම

අරුණපුර, දිවුල්දමන, ඉහලවැව, පුබුදුගම, දම්මින්න සහ නිදන්වල යන ප්‍රදේශයන් වලට ඇතිවු හදිසි සුළි සුළං තත්වය හේතුවෙන් නිවෙස් වලට හා අනෙකුත් ගොඩනැගිලි වලට දැඩි අලාභහානි සිදුවී තිබූ අතර, ගස් කාඩාවැටීම හේතුවෙන් මාර්ග පද්ධතියන් අවහිරයන්ට ලක්වන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ බළඇණි පුහුණු පාසල වලමංඩිය භටපිරිස් හා අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහය ඇතිව මාර්ග පද්ධති නිවෙස් සහ අනෙකුත් ගොඩනැගිලි හරහා වැටී තිබු ගස් ඉවත්කර රථවහාන වලට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරිමට හැකිවන පරිදි මාර්ග පද්ධතිය යථා තත්වයට පත් කරන ලදී.