Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2024 00:00:00 Hours

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය රෝහලේ සමාජසත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම

12 පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථාපිත ඔක්කම්පිටිය ප්‍රාදේශිය රෝහල මගින් එම ප්‍රදේශයේ දිලිදු පවුල් 200 කට පමණ වෛද්‍ය ප්‍රථිකාර ලබා දෙන අතර, දෛනිකව මෙම රෝහල වෙතින් රෝගින් 70 වක් පමණ වෛද්‍ය ප්‍රථිකාර ලබාගනු ලබයි.

මෙම රෝහල් භුමිය නඩත්තු කරගෙන යාම සදහා ප්‍රමාණවත් රෝහල් කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් රෝහල් භුමි පරිශ්‍රය වල් බිහිවී තිබිම නිසා රෝහල් බලධාරින් විසින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයක් ලබාදී රෝහල් භුමිය සුද්ධ පවිත්‍ර කර දෙන ලෙස ඉල්ලිමක් කර ඇති අතර, ඒ අනුව 12 වන පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත 121 වන පාබල බසේමු බලසේනාධිපති තුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ 2024.02.11 වන දින 18 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසු නිලයින් තිස් හතර දෙනෙකු ගේ සහභාගිත්වයෙන් මෙම රෝහල් පරිශ්‍රය පිරිසිදු කරන ලදි.