Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th March 2019 18:14:47 Hours

මෙම මුලයෙහි බ්‍රිගේඩියර්(පාලන/ භකාස) තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි නව බ්‍රිගේඩියර් (පාලන/ භකාස) වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් බ්‍රිගේඩියර් ඩී ටී එස් පින්ගමගේ (නි/61094) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 මාර්තු මස 26 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි 1987 වර්ෂයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා නිලධාරින්/ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් (පාලන/ භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.