Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd October 2020 20:40:37 Hours

මෙම මුලයෙහි බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් බ්‍රිගේඩියර් ටී එම් ජී ජී එස් තෙන්නකෝන් ආර්ඩබ්ලිව්පී (නි/61939) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 සැප්තැම්බර් මස 30 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 1988 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා නිලධාරින්/ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.