Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2020 14:45:24 Hours

මෙම මුලයෙහි බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් බ්‍රිගේඩියර් කේ පී එස් සිල්වා (නි/61282) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 ජූලි මස 10 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 1987 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා නිලධාරින්/ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පසුව නව රාජකාරි භාර ගන්නා ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මෙම මුලස්ථාන සියළුම සෙසු නිලයින් අමතන ලදි.