Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd January 2019 12:22:08 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන ලිපිකරු තනතුරහි වැඩ භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන ලිපිකරු වශයෙන් 5 වන කාරක ඉන්ජිනේරු රෙජිමේන්තුවට අයත් බළලත් නිළධාරි 11 පුෂ්පකුමාර එච් එල් යුඑස්පි යන බළලත් නිලධාරි 2019 ජනවාරි මස 01 වන දින සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම බළලත් නිළධාරි 1999 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති බළලත් නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සියලු ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන ලිපිකරු මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.