Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th April 2023 09:35:00 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 11 (සම්බන්ධීකරණ) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 11 (සම්බන්ධීකරණ) වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් අයත් මේජර් ඩීඑම්ඩීබීඑස් දසනායක නි/67307 යන නිලධාරි තුමන් 2023 අප්‍රෙල් මස 10 වන දින පෙ:ව 0935 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 11 (සම්බන්ධීකරණ) නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.