Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2022 09:49:25 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) වශයෙන් කාලතුවක්කු හමුදාවට අයත් නි/65029 ලුතිතන් කර්නල් ජී ආර් ආර් කේ එස් ජයරත්න ආර්එස්පි පිඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජූලි මස 05 වන දින පෙ:ව 0912 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.