Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd January 2019 12:11:33 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු) තනතුර වැඩ භාරගැනිම

ආරක්ෂක සේනා ( මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා 2 වන විශේෂ බලකායට අයත් මේජර් ටි එම් එන් ආර් තැන්නේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ජනවාරි මස 02 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි 2001 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සියලු ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලයන් විසින් නව ප්‍රධාන මණ්ඩලික 2 (පුහුණු) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.