Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2018 20:44:56 Hours

මූලික බුද්ධි පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම

අාරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ ඇති ඒකකයන් හි නිලධාරි/සෙසු නිලයින් 06 x 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2017.10.02 සිට 2017.10.25 දින දක්වා 1 ග්‍රීලංරබ ඒකක මූලස්ථානයේ සිදු කරනු ලැබූ මූලික බුද්ධි පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරිම 2018.02.14 වන දින 1000 පැයට සේනාංක මූලස්ථාන දේශණ ශාලාවේදි පවත්වන ලදී.

එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එ ඩබි එම් එ ඩබි එන් රණවන ආර්ඩබිපි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂඨ නිලධාරි සහාභාගි වූ අතර, තවද එම ජ්‍යෙෂඨ නිලධාරි විසින් බුද්ධි පාඨමාලාවෙහි වැදගත්කම පිළිබද විග්‍රහයක් කොට එම පාඨමාලාව සදහා සහභාගි වූ සියලූම නිලධාරින් හා සෙසු නිලයින් හට අර්ථවත් දේශණයක් පවත්වන ලදී.