Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2018 13:08:01 Hours

මැදින් මස පුරප‍සළොස්වක පොහොය ‍නිමිති කොට ගෙන ආසේමූ (මධ්‍යම) විසින් බෝධිපුජා පිංකමක් පවත්වයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත මැදින් මස පුරප‍සළොස්වක පොහොය ‍නිමිති කොට ගෙන දියතලාව බෝධි කන්ද බෝ මලුවේදි බෝධිපුජා පිංකමක් 2018 මාර්තු මස 01 වන දින 1000 පැයට සිදුකරන ලදි.

මෙම බෝධිපුජා පිංකම දියතලාව ගල්කන්ද විහාරස්ථානයේ වැඩවාසි කටුපොත ඥාණරතන ස්වාමින් වහන්සේ විසින් සිදුකරණ ලදි. මේ සදහා දායකත්වය ස්වේච්ඡා පුහුණු පාසල දියතලාව වෙතින් සිදුකරන ලද අතර තත් පිංකම සඳහා මෙම ආරක්ෂක සේනා මූලස්ථානය හා ස්වේච්ඡා පුහුණු පාසල යටතේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් සහභාගිවන ලදි.