Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2024 22:24:49 Hours

මැණික් ග‍ඟේ මාරාන්තික කිඹුල් ප්‍රහාරයෙන් පසු යුධ හමුදාවෙන් ඉක්මන් ප්‍රතිචාර ලබා දිම

කතරගම වන්දනාවේ පැමිණි වන්දනා කරුවෙකු 2024.07.06 වන දින මැණික් ග‍ඟෙ සිටි කිඹුලන්ගේ ප්‍රහාරයකට ලක්විම හේතුවෙන් දරුණු තුවාල සිදුවිමේන් පසුව මිය ගොස් ඇති බැවින් මෙවැනි අවසනාවන්ත සිදුවිම් තව දුරටත් වාර්ථාවිම වැලැක්විම සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් කතරගම උත්සවයේ ප්‍රදාන පර්ශවකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්විමේන් අනතුරුව කඩිනමින් මේ සදහා ක්‍රියා මාර්ගයක් අරම්භකරන ලදී

ඒ අනුව ආරක්‍ෂක පියවරක් ලෙස 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධික්‍ෂනය හා මගපෙන්විම යටතේ එම පාබල සේනාංකයේ භඨ පිරිස්, නාවික හමුදාව,පොලිස් ජිවිත ආරක්‍ෂක හමුදා කන්ඩායම් සහ වනජිවි නිලධාරින්ගේද සහය ඇතිව ගඟ හරහා අඩි 83 දිග දැලක් එල කිඹුලන්හට ඇතුල්විමට නොහැකි වන පරිදි බාදකයක් සකස්කරන ලදී.