Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2018 19:38:09 Hours

මහනුවර සේවා මුක්ත භට සංගමයේ සන්නද්ධ සේවා අනුස්මරණ දිනය සැමරීම - 2018

ආරක්ෂක සේනා මධ්‍යම යටතේ පාලනය වන 11 සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ මහනුවර සේවා මුක්ත භට සංගමය මගින් සංවිධානය කරන ලද සන්නද්ධ සේවා අනුස්මරණ දිනයට සමගාමිව රණවිරුවන් සිහිකිරිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී යුධ හමුදා ස්මාරකය අභියසදි 2018.11.11 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

එම උත්සව අවස්ථාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 11 සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය යටතේ යුධ හමුදා සරඹ කණ්ඩායමක් හා තුර්ය වාදක කණ්ඩායමක් සහභාගි කරවන ලද අතර, එම පෙළපාලිය සදහා නාවික/ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් සරඹ කණ්ඩායම් සහභාගි වන ලදි.

මේ සදහා ත්‍රීවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා සෙසුනිලයින් ඇතුලු විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් රැසක් සහභාගිව වු අතර, එම උත්සවය නැරඹීම සදහා විශාල ජනතාවක් පැමිණෙන ලදි.