Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd August 2022 08:00:40 Hours

මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහැර සඳහා භට පිරිස් යෙදවීම

‍‍‍ඓතිහාසික මහනුවර ශ්‍රි දළා මාළිඟාවෙහි පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර චාරිත්‍රානුකූලව සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 2022.08.02 වන දින සිට 2022.08.12 වන දින දක්වා සිදු කරන ලදි.

එහිදී ඇසළ මහා පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුල ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධීක්‍ෂණය යටතේ මෙම මූල බල ප්‍රදේශයට අයත් ඒකකයන් හී භටපිරිස් සහභාගිත්වයෙන් එහි ආරක්‍ෂාව සඳහා විශේෂ රාජකාරි රැසක් සිදු කරන ලදි.