Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th August 2018 21:46:46 Hours

මහනුවර වාර්ෂික ඇසල පෙරහැර සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංචාරය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර අති උත්කර්ශවත් අයුරින් 2018.08.16 වන දින සිට 2018.08.26 වන දින දක්වා පවැත්වු අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීඡීඑස්සී යන නිළධාරි තුමා හා මැතිණිය සහ 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ද 2018.08.24 වන දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සිදු කරනු ලැබු අතර, එදින සවස් වරුවේ ශ්‍රී දළදා මළිගාව වැඳපුදා ගැනිමෙන් අනතුරුව දිය වඩන නිළමේ තුමන් හමුවන ලදි.

ඉන්පසු මාළිගා ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ඡාවකටද සහාභාගි වු අතර, ඉන් අනතුරුව පෙරහැරට සහාභාගි වන නර්ථන ශිල්පි සඳහා යුද්ධ හමුදා භඨපිරිස්හි ශ්‍රම දායකත්වය හා මාළිගා පරිශ්‍රය ආහාර පිළියෙල කිරිමේ ස්ථානයන්ද පරික්ෂා කරන ලදි.

තවද, නවතමයෙන් ඉදිකරන ලද අලි ඇතුන් නාවන තඨාංගණයද නැරඹු අතර, එදින ඇසළ මහ පෙරහැර යුද්ධ හමුදාධිපති තුමන් සහ මැතිණිය 2 (සෙව්) ශ්‍රීලංසිරෙ වෙතින් ඉදිකරන ලද නැරඹුම් මැදිරියේ සිට නරබන ලදි.