Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd March 2018 20:22:09 Hours

මහනුවර දිස්ත්‍රික්කයේ කඩසාප්පුවල සුන්බුන් ඉවත් කිරිම

ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.21 වන දින සිදු කරන ලදි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ අඹතැන්න - පුජාපිටිය මාර්ගයේ මුල්ලේගම වෙලේකඩේ ප්‍රදේශයේ අලාභහනි සිදුවු නිවාස හා කඩසාප්පුවල සුන්බුන් ඉවත්කර යථාතත්වයට පත් කිරීමේ වැඩසටහනක් සඳහා 11 වන සේනාංකය හා යටතේ පාලනය වන 5 (සෙව්) ශ්‍රිලපාහ, 2 (සෙව්) ශ්‍රිලංසිරෙ, 1 ශ්‍රිලංරබ හා 2 ශ්‍රිලංරබ ඒකකයන් හි රාජකාරි නියුතු 05 x 150 කින් යුත් භඨපිරිසක් සභාගිවු අතර ඒ සඳහා මුල්ලේගම ප්‍රියදර්ශනාරාම විහාරස්ථානාධිපති මුල්ලේගම පියරතන ස්වාමීන් වහන්සේ මෙන්ම පුජාපිටිය ප්‍රාදේශිය ලේඛම් එම් ඩබ්ලිව් එන් එම් මඩහාපෙල ඇතුලු එම කාර්ය මණ්ඩලයෙ 75 කින් යුත් රාජ්ය්‍ය සේවකයින් පිරිසක් හා එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සභාගිත්වයෙන් ඉතා සර්ථකව සිදු කරන ලදි.