Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2018 18:03:08 Hours

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු කලහාකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිම

ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහාකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.28 වන දින සිදු කරන ලදි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර - මහියංගනය මාර්ගයේ දිගන නගරයේ සිට කෙන්ගල්ල දක්වා ප්‍රදේශයේ අලාභහනි සිදුවු නිවාස හා කඩසාප්පුවල සුන්බුන් ඉවත්කර යථාතත්වයට පත් කිරීමේ වැඩසටහනක් සඳහා 11 වන සේනාංකය හා යටතේ පාලනය වන 5 (සෙව්) ශ්‍රිලපාහ, 2 (සෙව්) ශ්‍රිලංසිරෙ, 1 ශ්‍රිලංරබ හා 2 ශ්‍රිලංරබ යන ඒකකයන්ගෙන් 04 x 150 කින් යුත් භඨපිරිසක් සභාගිවු අතර ඒ සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලෙකමි එස් ඩි නාගහතැන්න මහත්මිය ඇතුලු රාජ්‍ය සේවකයින් පිරිසක් හා එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සභාගිත්වයෙන් ඉතා සර්ථකව සිදු කරන ලදි.