Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2018 12:46:33 Hours

මලපුඩුකපොල්ල වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහන

බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය වෙතින් කරණ ලද ඉල්ලිමකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ අඹේගොඩ ග්‍රාමනිලධාරි වසමේ මලපුඩුකපොල්ල වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන කටයුත්තක් මෙම මූල භඨපිරිස් විසින් 2018.06.08 වන දින සිදුකරන ලදි.

ඒ අනුව තත් ශ්‍රමදාන කටයුත්ත සඳහා අඹේගොඩ ග්‍රාමනිලධාරි වසමේ මලපුඩුකපොල්ල ගම්මානයේ සිවිල් වැසියන් හා මෙම මූලය යටතේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 01 x 13 පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ශ්‍රමදාන කටයුත්ත ඉතා සාර්ථකව නිමකරන ලදි.