Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th May 2025 10:13:24 Hours

මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදි රණවිරුවන් අනුස්මරණ කිරීම

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටනේදි ත්‍රීවිධ හමුදාව විශාල සංඛ්‍යාවක් සිය ජිවිත රට දැය වෙනුවෙන් පුජා කළ අතරම ඒ හා සමාන රණවිරුවන් සංඛ්‍යාවක් රණක්‍ෂිතයට පත්විය. දශක තුනක පමණ කාලයක් පැවැති යුද්ධයේදි මාතෘ භූමියෙහි භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය රණවිරු සැමරුම් මාසය නමින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මෙම වසරේ දී ජාතික රණවිරු සැමරුම් උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක USP ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි, 111 වන පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි එස් වල්පිට ගමගේ RSP, ත්‍රීවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින්ගේ සහභාගීත්වයෙන් 2025.05.29 වන දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදි පැවැත්වීමට කටයුතු කරන ලදි.