Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th August 2023 19:32:27 Hours

මනෝවිද්‍යා වැඩමුළු පැවැත්වීම වෙනුවෙන් කණ්ඩායම් සකස් කිරීම සදහා තෙදින වැඩසටහනක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මනෝවිද්‍යාත්මක උපදේශන සිදුකිරිම වෙනුවෙන් උපදේශක කණ්ඩායම් සකස් කිරීම සදහා තෙදින වැඩසටහනක් විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්එම්එම් මොණරාගල යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු කණ්ඩායමක් මගින් 2023.08.22,23,24 යන දිනයන් හීදී පවත්වන ලදී

මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු පුහුණූ පාසල් හී රාජකාරි සිදුකරනු ලබන භඨ පිරිස්හී චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ මානසික ගැටළු නිරාකරණය කිරීම අරමුණු කර ගනිමින් මෙම තෙදින පාඨමාලාව පවත්වන ලද අතර, එම අවස්ථාව සදහා මෙම මුලයේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරීන්/සෙසු නිලයින්, මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු,පාබල බසේමු පුහුණූ පාසල් හී නිලධාරීන්/සෙසු නිලයින් සහ මෙම මුලය යටතේ පාලනය වන ඒකක වෙතින් නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී. එම වැඩ සටහන අවසානයේදි සහභාගි වු සියළු නිලධාරීන්/සෙසු නිලයින් හට පිලිගත් සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලදී