Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th July 2018 15:51:01 Hours

මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන මහනුවර

අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටා ඇති මහනුවර ගැට‍‍‍ඹේ ක්‍රීඩාංගනයේ අතිගරු ජනාධිතුමාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරින්ගේ සහාභාගිත්වයෙන් "මතින් නිදහස් රටක්" යන තේමාව යටතේ මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනක් පවත්වන ලදි.

මෙම ශීර්ෂගත වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපතිතුමා නියෝජනය කරමින් 11 සේනාංකා‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යේෂඨ නිලධාරිතුමන් සහාභාගි වු අතර, මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 20කට අයත් සිවිල් ජනතාව, පාසල් සිසුන්, රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා භඨපිරිස්, පොලිස් නිළධාරින් ඇතුලු 9000 කට අධික පිරිසක් මේ සඳහා සහභාගිවු අතර, සහභාගිවු සියළුම අයවළුන් වෙනුවෙන් දිවා ආහාරය 11 සේනාංකා‍ය යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල වෙතින් සකස් කර ලබා දෙන ලදි.